Kanchayudha Game Release...

කංඡායුධ - භද්‍ර සෙනෙවිගේ ලංකා තරණය
කංඡායුධ පරිගණක ක්‍රීඩාව කිව්වම දැන් හැමොම වගේ දන්නවනේ. ලංකා ඉතිහාසයේ බිහිවුණු විශාලතම පරිගණක ක්‍රීඩාව ලෙස කංඡායුධ දෙසැම්බර් 13 නිකුත් කිරීමට නියමිතයි. අවුරුදු පහකට අාසන්න කාලයක සිට තමයි කංඡායුධ නිර්මාණයට යොමු වෙලා තියෙන්නේ. එ් වගේම මේකේ Models එහෙම ලංකාවේම විදියට Design කරලා තියෙනව. ඔයලා හැමෝම වගේ දන්න Assassin's Creed පරිගණක ක්‍රීඩාවට සමානකම් කංඡායුධ පරිගණක ක්‍රීඩාවෙ තියෙනව.....කංඡායුධ මුලින්ම Windows සඳහාද, ඉන් පසු DVD මගින්ද නිකුත් වන අතර, ඉදිරියේදී Mac OS, playstation 4 සහ xbox සඳහාද නිකුත් වන අතර, ඊට අමතරව, SmartPhone සඳහා ද, මේ හා සමගාමී පරිගණක ක්‍රීඩා නිකුත් කිරීමට සැලසුම් කර තියෙනවා..
මෙහි කතාව ගැන කියනවා නම්, අතීත ශ්‍රී ලංකාවේ වාසය කල ශක්තිවන්තයෙකු වටා ගෙතුණු, ත්‍රාසය සහ ක්‍රියාදාමයන් කැටි කොට ගත් ගවේශනාත්මක පරිගණක ක්‍රීඩාවක්. මෙහිදී ඔබ හසුරවන්නේ ‘භද්‍ර’ නම් ශක්තිමත් වීරයකුගේ චරිතයක්. අතීතයේ තමන් හට සිදුවූ සිදුවිමක සුළමුල සොයා යන ඔහු හට ඒ ගමනේදී විවිධාකාර ක්‍රියාවන්ට මුහුණ දීමට සිදුවේ. මෙම ක්‍රියාවන් පසු කර ගොස් අවසානයට ලගා වීමට ඔහු හට විවිධ ප්‍රහේලිකා විසඳීමට, ගවේෂණයට සහ ක්‍රියාදාමයන්ට මග විවර වෙයි.. කංඡායුධ ක්‍රීඩාව අතීත ශ්‍රී ලංකාවේ ජිවන රටාව පෙන්නුම් කරන පරිදි සකසා ඇත.....
කංඡායුධ පරිගණක ක්‍රීඩාව නිකුත් කරන්න නිළ වෙබ් පිටුවක් Arimac Lanka අායතනය මේ වෙනකොට හඳුන්වා දී තිබෙනවා. දෙසැම්බර් 13 වෙනිදා එනම් අද සිට කංඡායුධ පරිගණක ක්‍රීඩාව www.kanchayudha.com වෙබ් පිටුව හරහා ඔන්ලයින් රුපියල් 2850.00 ක් ගෙවීම් කරලා කංඡායුධ පරිගණක ක්‍රීඩාව Windows සදහ Download කරගන්න පුලුවන්..ඔන්න එහෙනම් පහලින් බලනකො කන්චායුධ ගමෙ එකේ දැනට ආපු Videos & ScreenShots ටිකක්....
Game trailers & Game Play
Screen Shots








Comments
Post a Comment