Blogger සේවාවද හොද? Wordpress සේවාවද හොද?
බ්ලොග් ලියන බොහෝ දෙනෙකුට මුලදි යම් ගැටලු කීපයක් ඇතිවෙනව. එම ගැටලු නම්
මට නොමිලේ බ්ලොග් එකක් පටන්ගන්න පුලුවන්ද?, එසේ හැකිනම් එවැනි සේවා කොපමණ සංඛ්‍යාවක් තිබේද?, එම සේවා වලින් වඩාත්ම බාවිතාවන සේවාවන් මොනවාද? වැඩි පහසුකම් ප්‍රමාණයක් තිබෙන සේවාව කුමක්ද? කියන වගේ ප්‍රශ්න. මේ විදියට සොයාබැලීමේදී ඔබට ප්‍රධාණ සේවාවන් දෙකක් හමුවෙනවා. ඒතමයි Blogger සහ Wordpress දැන් තියෙන ප්‍රශ්ණය තමයි මේ සේවා දෙකෙන් හොඳම එක කුමක්ද කියන එක. අන්න ඒ ගැටලුවත සාදාරන පිලිතුරක් අරගෙනයි මම අද ඇවිල්ල ඉන්නේ.
මෙහිදී මම මෙම සේවා දෙකෙහි පැහැදිලිව කැපීපෙනන ගුණාංග මගින් සංසන්දනයක් මගින් මෙය
පැහැදිලි කිරීම සිදුකරනු ලබනවා.මෙම සංසන්දනය පිලිතුර කෙසේ උවත් තමන් කැමති සේවාව බාවිතා කිරීම තමන්ගෙ කැමැත්ත.
මෙහිදී මම කිසිඳු සේවාවක් උලුප්පා දැක්වීමට හෝ හෙලා දැකීමට උත්සාහ ගෙන නොමැති බව කරුණාවෙන් වටහාගන්න.
සැ.යු :- මම මෙහිදී සංසන්දනාත්මකව පැහැදිලි කරන්න උත්සාහ කරන්නෙ Blogger සේවාව හා Wordpress.com සපයන සේවාව සම්බන්දව. මෙය wordpress.org සමග පටලවා ගන්න එපා.
මෙම සංසන්දනය පැහැදිලිව පෙන්නවීමට මම වගුවක් සකස් කලා. ඔන්න එහෙනම් ඒක බලන්නකෝ..
ඉහත වගුව හොඳින් බැලුවනම් ඔයාලට Blogger සේවාව හා Wordpress.com සේවාව අතර ඇති වෙනස්කම් ඔයාලට හොඳින් අවබෝධ කරගන්න පුලුවන් වෙයි කියල මම හිතනව.
එහෙනම් ඉතින් ඊලග පොස්ත් එකෙන් හමුවෙමු. සුබ දවසක්!☻♥♥♥☻
යන්න කලින් එහෙනම් ඊලග පෝස්ට් එකෙන් හමුවෙමු. යන්න කලින් Like එකක් ඒ වාගේම ඔයාගේ යාලුවෝ සමග Share කරන්න

පහසුකම | Blogger සේවාව | Wordpress.com සේවාව | කවුද දිනුවෙ |
---|---|---|---|
Template එක වෙනස් කිරීමේ හැකියාව | මෙය ඔබට නොමිලේම තමන් කැමති ආකාරයට කරගන්න පුලුවන් ඒකියන්නෙ Template layout එක, CSS නිදහසේ වෙනස් කරන්න පුලුවන් | මෙය ඔබට නොමිලේ කරන්න බැහැ ඒ සඳහා යම් මුදලක් ගෙවන්න වෙනව | Blogger |
උදව් (Tutorials/Help) | ඉතා විශාල වශයෙන් අන්තර්ජාලයෙන් සොයාගන්න පුලුවන් | සාපේක්ෂව අඩුයි. | Blogger |
බාවිතා කල හැකි Blog Themes | ඕනෑතරම් හොඳ තත්වයේ ඇති Blogger Themes/Templates අන්තර්ජාලයෙන් නොමිලේ ලබාගන්න පුලුවන් | හොඳ තත්වයේ ඇති Wordpress Themes නොමිලේ ලබාගත හැකි අවස්තා අඩුයි. | Blogger |
වෙනස් කිරීම් සඳහා අවශ්‍ය වෙන Coding වර්ග | මේ සඳහා ඔබට HTML, XHTML, CSS, XML, JAVASCRIPT බාවිතාකරන්න පුලුවන්. මේවා පහසුවෙන් ඉගෙන ගන්න පුලුවන් ඉතා සරල Coding ආකාරයන් | මේ සඳහා ඔබට HTML, XHTML, CSS, XML, JAVASCRIPT අමතරව PHP සම්බන්දවද දැනුම අවශ්‍ය වෙනව. බොහෝ අයට PHP සම්බන්දව දැනුම ඉතාම අඩුයි. | Blogger |
Dashboard එකේ පෙණුම සහ හැසිරවීමේ ඇති පහසුව සහ වේගය | ඉතාම සරලයි. පහසුවෙන් හසුරුවන්න පුලුවන්. ඒ වගේම වේගවත් | සාපේක්ෂව තරමක් සංකීර්ණ බවින් සහ වේගයෙන් අඩුයි | Blogger |
සේවාව විසින් නිර්දේශ කරනු ලබන Templates/Themes ප්‍රමාණය සහ ඒවාගේ තත්වය | ඉතාම සුලු ප්‍රමාණයක් වගේම ඒවායේ පෙණුමද හොඳ තත්වයේ නැහැ | සියයකටත් වඩා වැඩි ඉතා හොඳ තත්වයේ Themes මෙහිදී සපයයි | Wordpress |
බාවිතාකරන Theme/Template එක වෙනුවට වෙනත් එකක් යෙදීමේ හැකියාව (Replacement) | මෙය ඔබම වසින් සාදාගත් Theme එකක් මගින් හෝ බාහිරව ලබාගත් එකක් මගින් ඕනෑම වාර සංඛාවක් ඉතා පහසුවෙන් මෙන්ම නිදහසේ කරගන්න පුලුවන්. | මෙය ඔබට කල හැකිවන්නේ සේවාව ඔබට සපයන Themes සඳහා පමණයි. බාහිරව ලබාගන්නා Themes බාවිතා කරන්න බැහැ. | Blogger |
Widgets සහ Plugins බාවිතා කිරීමේ හැකියාව | සේවාව විසින් සපයන සහ බාහිරින් ලබාගන්නා Widgets සහ Plugins මගින් මෙය කරන්න පලුවන් | බාහිරින් ලබාගන්නා Plugins ඔබට බාවිතා කල නොහැක. | Blogger |
ප්‍රතිචාර පද්ධතිය (Comments System) | Moderation කියල තියෙන්නෙ Comments delete කරන එක පමණයි. Comments සංස්කරණය කරන්න බැහැ. Spam ආරක්ෂාවක් නැහැ. Captcha පහසුකම සහිතයි. ප්‍රතිචාර සඳහා කෙලින්ම පිලිතුරු දිය නොහැකියි එනම් threaded/nested commenting පහසුකම නැහැ. බාහිර ප්‍රතිචාර පද්ධතියක් මගින් ප්‍රතිස්ථාපනය කල හැකිය. | ප්‍රතිචාර සංස්කරණය කල හැකියි. Spam ආරක්ෂාවක් සහිතයි. threaded/nested commenting පහසුකම සහිතයි. බාහිර ප්‍රතිචාර පද්ධතියක් මගින් ප්‍රතිස්ථාපනය කල නොහැකියි. | Wordpress |
SEO, Optimization හැකියාව | අපේ පැත්තෙන් කල හැකි සියලු දේ අපට කල හැකියි. | මෙය යම් තාක් දුරකට කල හැකියි. මෙය බාවිතා කරන්නාගේ පැත්තෙන් ඔහු බාවිතා කරන Theme එකේ Symantec Structure එක අනුව වෙනස්වේ | Blogger |
Blog එක සම්බන්දව පවුද්ගලිකත්වය (Blog Privacy) | ඔබට එක් Blog එකක් සඳහා අයිතිකරුවන් 100 දෙනෙක්ට සහ කියවන්නන් 100 දෙනෙක්ට මෙය සීමා කරන්න පුලුවන්. මේසඳහා අදාල වන්නේ Google account තිබෙන අය පමණයි. ලිපි සඳහා මුරපද(Password) යෙදීමේ හැකියාවක් නැහැ. | මෙහිදී 35 දෙනෙකුට සීමා වේ. මුරපද යෙදූ ලිපි සහ තමන්ට පමණක් දැකගත හැකි වන ආකාරයට(Private) ලිපි සකසන්න පුලුවන්. | Blogger |
ප්‍රතිචාර වරණය(Comment Restriction) | මෙය මූලික වශයෙන් Google account; OpenID account සහ Anonymous යන ආකාර සඳහා වරණය කරන්න පුලුවන් | වරණය කිරීමේ හැකියාවක් නොමැත. ඕනෑම කෙනෙකුට ප්‍රතිචාර දැක්විය හැකිය | Blogger |
Blog එකක් නැවත ස්ථාපනය(Blog Import) | එක් Blog එකක් තවත් එක් Blogger Blog එකක් සඳහා පමණක් ස්ථාපනය කල හැකිය.(බාහිර සේවා මේසඳහා පවතියි) | තවත් එක් Wordpress Blog එකක් සඳහා සහ Blogger, TypePad, LiveJournal, Yahoo!360, MovableType ගිණුම් සඳහා Import කලහැකිය. | Wordpress |
ලිපි සහ ප්‍රතිචාර සම්බන්ද දැනුම්දීම්(Posts and Comment Notification) | Email පහසුකම බාවිතයෙන් මෙය කලහැකියි. බොහෝ විට මේ සඳහා Google Feedburner සේවාව බාවිතා වෙයි | මෙහිදීත් එය කල හැකිය. | Both |
ප්‍රතිචාර සහතික කිරීම(Comment Verification) | Captcha පහසුකම මිනිසෙක් යන්න සහතික කරගත හැකියි | එවැනි පහසුකමක් නොමැත | Blogger |
වීඩියෝ ගබඩා කිරීමේ සීමාවන් (Video Storage Limit) | ඔබ මෙම සේවාව හරහාම Video Upload කරනවානම් 16GB දක්වාද. Google video හරහා සීමා රහිතවද බාවිතා කරන්න පුලුවන්. | 3GB දක්වා පමණයි. මීට වඩා අවශ්‍ය නම් මුදල් ගෙවිය යුතුයි. | Blogger |
රූප ගබඩා කිරීමේ සීමාවන් (Image storage limit) | Picasa Web Album සේවාව හරහා 1GB පමණ ඉඩ ප්‍රමාණයක් හිමිවෙයි. | 3GB දක්වා ඉඩ හිමි වේ. මීට වඩා අවශ්‍යනම් මුදල් ගෙවිය යුතුයි. | Wordpress |
බාවිතා කල හැකි ගොනු(Files) වර්ග (File type Storage) | PNG, GIF, JPEG යන රූප ආකාර(Type) සඳහා සීමා වේ. | PNG, GIF, JPEG යන රූප ආකාර(Type) වලට අමතරව ppt, .doc, .odt and .pdf යන ගොනු ආකාරද බාවිතා කල හැකිය. | Wordpress |
Blog එක සහ එහි පාඨකයන් අතර ඇති ක්‍රියාකාරීත්වය සම්බන්ද තොරතුරු (Blog Stats) | ඉතාම හොඳ තත්වයේ විස්තර සපයන පද්ධතියක් අන්තර්ගත වෙනව. අවශ්‍ය නම් බාහිර Google Analytics වැනි සේවාවක් උවද බාවිතා කරන්න පුලුවන්. | සාපේක්ෂව සවිස්තර බව අඩුයි. ඒවගේම යාවත්කාලීන වීම සෑම දින 2කට වරක් පමණක් සිදුවේ. බාහිර සේවාවන් බාවිතා කල නොහැකියි. | Blogger |
වෙළඳ දැන්වීම් (Advertisements) | ආචාර ධර්ම වලට ගැලපෙන පරිදි නිදහසේ යෙදිය හැකිය. | වෙළඳ දැන්වීම් බාවිතා කල නොහැකිය. අවශ්‍ය නම් මුදල් ගෙවා මෙම පහසුකම ලබාගත්තත් ආදායමෙන් යම් කොටසක් සේවාව විසින් කපාගනී. | Blogger |
Email මගින් ලිපි පළ කිරීම (Posts By Email) | සිදු කල හැකිය | සිදු කල හැකිය | Both |
ජංගම දුරකථන වලදී ලිපිවල සහ ප්‍රතිචාර වල පෝෂක(Feeds) බාවිතා කිරීමේ හැකියාව (Post Feed On Mobile Phones) | සහය දක්වයි | සහය දක්වයි | Both |