ඔබගේ බ්ලොග් අඩවිය වේගවත් කරගමු(SpeedUp Ypur Blog)

 ඔබගේ බ්ලොග් අඩවිය වේගවත් කරගමු(SpeedUp Ypur Blog)


හානේ ඔන්න මම අද ඉදිරිපත් කරන පෝස්ට්  ගොඩක්ම වැදගත් වන්නෙ බ්ලොග් ලියන අයටයි. ඒ කිව්වට බලන අයටත් වැදගත් වෙනවා.බොහෝ බ්ලොග් අඩවි හදන අය මේගැන දැනුවත් ඇති කියල මම හිතනව නමුත් නොදන්න කිහිප දෙනෙක් හරි ඇතිනෙ ඒක නිසා දන්න නොදන්න සියලුම දෙනාටම වැදගත් වෙයි කියල මට මේ පෝස්ට් එක ලියන්න හිතුනා. හැමෝම කැමතිනෙ Speed එකට. අද මගේ පෝස්ට් එකෙන් විස්තර කරන්නෙ බ්ලොග් අඩවියක හෝ වෙබ් අඩවියක උනත් Speed එක වැඩි කරගන්න කෙනෙකුට ලේසියෙන් කරන්න පුලුවන් දේවල් ගැනයි.

ඇයි අපට මේ තරම් වේගය අවශ්‍ය? මේක ඔයාලට තේරෙනවනේ අද කලේ යම්කිසි සමාගමකින් අලුත් මෝටර් රථයක් හදනව කියල. අන්න එහෙම හදන වාහනයට අනිවාර‍යෙන්ම ඉතාමත් වෙගවත් බවක් දීලා තියෙනව. වැදිය ඔයාල උනත් හදිසිගමනක යනකොට කොහොමද කියල හිතල බලන්නකෝ. එහෙනම් අපිබලමුකෝ බ්ලොග් එකට වේගය කොහොමද බල පන්නේ කියලා.සරළ විදියට මෙය පැහැදිලි කරනවනම්

          ☺ වේගය වැඩිනම් වෙබ් අඩවිය හෝ බ්ලොග් අඩවිය වේගයෙන් Load වෙනව. ඒක එම වෙබ් අඩවියෙහි හෝ ‍බ්ලොග් අඩවියෙහි පාඨකයින්ට පහසුවක්.

          ☺ Google ඇතුලු බොහෝ සෙවුම් යන්ත්‍ර වේගවත් අඩවි වලට කැමතියි. ඒකියන්නෙ Search Engine Ranking වලට මෙය බලපානව.

          ☺ සීමා සහිත දත්ත/තොරතුරු පරාස(Limited Bandwidth) බාවිතා කරන, විශේෂයෙන් ජංගම අන්තර්ජාල සේවා බාවිතා කරන්නන්(Mobile Internet Users) අතර ඔබගේ අඩවිය ජනප්‍රිය වනව.
  
          ☺ මුදල් ගෙවා ගත් වෙබ් ඉඩක පවත්වාගෙන යන වෙබ් අඩවි වලට, සීම සහිතව මාසිකව ලැබෙන දත්ත/තොරතුරු පරාස පළල (Bandwidth) එක ඉතිරි කරගැනීමට.


                                වගේ හේතු කිහිපයක් දක්වන්න පුලුවන්.දැන් අපි බලමු මේ දේ කරන්නෙ
කොහොමද කියල.

සැ.යු:- මම මෙහිදී ඉදිරිපත් කොට ඇත්තේ සාමාන්‍ය දැනුමක් තිබෙන කෙනෙකුට උනත් ලේසියෙන් කරන්න පුලුවන් සරළ කාරණා කිහිපයක් පමණයි.



01 රූප වල බර අඩු කිරීම (Image Optimization)

ඔබ බ්ලොග් අඩවිය ඡායාරූපයක් ගෙන එය සංස්කරණයෙන් අනතුරුව රූපය Save කිරීම සාමාන්‍ය ආකාරයට නොකොට, වෙබ් අඩවි සඳහාම වන
“save for web” යන තේරීම මගින් Save කරගන්න.

උදාහරණ ලෙස පහත රූප බලන්න.

                                                මෙම ඡායාරූපය - සාමාන්‍ය අවස්ථාව - 17KB


                                               එම ඡායාරූපය - Optimize කළපසු - 9.1KB



බලන්න මෙහි ප්‍රමානය අතර දැඩි වෙනසක් තියෙනවා. ඒත් ඉහත ඡායාරූප දෙකේ මිනිස් ඇසකට හඳුනාගත හැකි වෙනස්කම් බොහොම අඩුයි. මෙම ඡායාරූපයට නම් මෙය ලොකු දෙයක් නොවුනත් ඇතැම් 200KB ‍වගේ තිබෙන ඡායාරූප 50KB වගේ ගේන්න පුලුවන් ඒක‍ ලොකු වෙනසක්. නමුත් මෙහිදී ගුණාත්මක බව අඩුවනවා. එහෙත් බොහෝ අවස්තා වලදී එම ගුණාත්මක බවේ අඩුවීම මිනිස් ඇසට හඳුනාගන්න පුලුවන් කමක් නැහැ.

දැන් අපි බලමු ගොඩදෙනෙක් භාවිතා කරන Adobe Photoshop හරහා මෙය කරන ආකාරය.පහත රූප හොඳින් නිරීක්ෂණය කරන්න.
   
   1). මුලින්ම Adobe Photoshop විවෘර්ත කරගෙන,
   2).  ඡායාරූපය විවෘර්ත කරගන්න.
   3). File Menu එක ඔබන්න

    4).  එහි තිබෙන Save for the web යන්න



       
                      5).ඔබට අවශ්‍ය ආකාරයට වෙනස්කම් කොට save කරන්න.

මෙය මගින් වෙබ් අඩවියෙහි වේගය වැඩි වෙනවා වගේම
* විශේෂයෙන් Blogger සේවාව හෝ Wordpress.com සේවාව බාවිතා කරන්නන්ට මේ ක්‍රමය මගින් තමන්ට නොමිලේ හිමිවෙන ඉඩ බොහෝ සෙයින් ඉතිරි කරගන්න පුලුවන්.

තවත් මෙවැනි ක්‍රම ඊලග පෝස්ට් එකේ පල කරන්න බලපොරොත්තුවෙනවා.

එහෙනම් ඊලග පෝස්ට් එකෙන් හමුවෙමු. යන්න කලින් Like එකක් ඒ වාගේම ඔයාගේ යාලුවෝ සමග Share කරන්න

Popular Posts