Send To List එකට කැමති Locations ටිකක් දාගමු.
අපි පෙන් එකක් එහෙම Computer එකට ගහල Files Copy කරන්න සමහර වෙලාවට ඒ අවශ්‍ය File එක උඩ Right Click කරල Send To දීල Files Send කරගන්නවනේ. නමුත් එතන තියෙන්නේ Send කරන්න Locations වලට My Document හා Desktop පමනයි.
මම අද කියන්න යන්නේ අන්න ඒ Send To කියන තැනට ඔයාල කැමති Location එකක් දාන හැටි.
පියවර 1 : අපි send කරන files, copy වෙන තැනෙහි
short-cut එකක් හදන්න ඕනේ. උදාහරණයක් විදිහට මම C partition එකේ short-cut එකක් හදනවා.
මුලින්ම C partition එක උඩ right click කරලා Shortcut එක Create කරන්න.
ඊට පස්සේ මෙහෙම message එකක් එයි.
“Windows cannot create a shortcut here. Do you want the shortcut to be placed on the desktop instead”
ඒක Yes කරන්න.
දැන් shortcut එක desktop එකේ හැදිලා ඇති.
(මෙහෙම message එකක් එන්නේ C වල shortcut එකක් හදන්න යද්දී විතරයි අනිත් places වල, එතනම හදා ගන්න පුළුවන්)
පියවර 2: මුලින්න්ම Tools > folder option යන්න.
ඊට පස්සේ මතුවෙන "folder option" Dialog Box එකේ
View Tab එකට යන්න.
දැන් ඒකෙ තියෙන Show hidden files & folders කියන එක ටික් මාර්ක් කරන්න.
දැන් Apply > OK කරන්න.
පියවර 3: අපි හදාගත්ත shortcut එක cut කරගෙන C වල Documents and Settings වල ඔයාලගේ
User Account-name එකට අදාල folder එකේ තියෙන SendTo කියන hidden folder එකට ගිහින්
Paste කරන්න
එහෙනම් ඉතින් එච්චරයි . දැන් refresh පාරක් එහෙම දීල මොකක් හරි file එකක් උඩ right click කරලා Send To ගිහින් බලන්න. list එකේ අපි දාපු location ඒක ඇවිල්ල ඇති..
හැබැයි මම මේක මම Test කරලා තියන්නේ Windows XP වල විතරයි.