What is The E-Money




මේ කාලයෙ ගොඩක් දෙනා කැමතියි ඇග වෙහෙස නොකර ඉතාමත් ලේසියෙන් වැඩි ප්‍රමාණයක් මුදල් උපයන්න.අන්න එහෙම මුදල් උපයන්න කැමති ගොඩක් දෙනාගෙ හිත නතර වෙන තැන තමයි. අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම. එහෙනම් අපි බලමු අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම කියන්නෙ මොකක්ද කියලා.




හැදින්වීම

ලෝකයෙ පවතින අනෙකුත් රැකියවලින් මෙන්ම අන්තර්ජාලය හරහාද රැකියාවක් කිරීමටත් ඒ හරහ මුදල්
ඉපයීමටත් හැකිය. එසේම එසේ මුදල් උපයන 100% නීත්‍යානු කූල ක්‍රමවේදයන් බොහෝ අන්තර්ජාලය
තුල පවතී.
           මෙහිදී කිසිම කෙනෙකුට කිසිදු මුදලක් නොගෙවා සිදු කල හැකි සරල ක්‍රම ගණනාවක් තිබේ. නමුත් ඒවයින් ලෝකයේ වැඩිම දෙනෙකු සිදු කරනුයෙ Google සමාගමේ Adsense නැමති වැඩසටහනය. මෙය
 ලොව ඇති විශ්වසවන්ත,ජන්ප්‍රියම සහ වැඩිම දෙනෙකු සම්බන්දවී ඇති සමාගමකි. මෙවැනි සමාගම්වලින්
  කරන්නේ අප සාදා ඇති වෙබ්/බ්ලොග් අඩවියක ඉඩක ඔවුන් දෙන වෙලද දැන් වීම් ප්‍රචාරණය කිරීමයි.
මෙමගින් අපට ලැබෙන මුදල තීරනය වන්නේ අපගෙ වෙබ්/බ්ලොග් අඩවියෙ ජනප්‍රියතාව සහ ප්‍රේක්ෂක සංක්‍යාව අනුවය.

වෙලද දැන්වීම ප්‍රචාරණයෙන් මෙන්ම වෙලද දැන්වීම් නැරඹීම මගින්ද අපට අන්තර්ජාලය හරහා මුදල් ඉපයිය හැක.එසේම මෙය අන්තර්ජාලය හරහ මුදල් සෙවීමට ඇති ලේසිම ක්‍රමවේදයයි. නමුත් කලින් පැවසූ වෙලද දැන්වීම් ප්‍රචාරණය මගින් උපයාගත හැකි තරම් මුදල් ඉපයීමට නම් මෙහි තරමක් ඉවසීමෙන් යම් කාලයක් එක දිගට වැඩ කල  යුතුය.

Type Setting සහ Data Entry රැකියාවන් හරහාද අන්තරජාලයෙන් මුදල් ඉපයිය හැක නමුත් බොහොමයක් Data Entry සමාගම් සදහා ලියාපදින්චි වීමට මුදල් ඉල්ලයි.(එසේ නොවන සත්‍ය ආයතනද
 ඇත ) නමුත් මෙම සමාගම් වලින් 75% පමණ වංචනික  ඒවා වන අතර 15% තරම් ප්‍රමාණයක් සත්‍ය සාදරණලෙස ගෙවීම් සිදු කරන ආයතනද ඇත. ඔබට Graphic Design, Web Design, Word, Excel,
PowerPoint... ආදී දේවල් වලින් වැඩ කිරීමට හැකි නම් අනෙකුත් සියලුම ක්‍රම වලට වඩා පහසුවෙන්
මෙය මගින් මුදල් ඉපයිය හැක.

අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමේ තවත් ක්‍රමයක් වනුයේ යමෙක් විසින් ඉදිරිපත් කරන ලද යම් යම් තොරතුරු ප්‍රචාරය කිරීම හා එයට Rate එකක් ලබාදීම (උදා: Facebook Like ),එමෙන්ම යම්කිසි
ආයතනයක් මගින් දෙන ලද මතෘකාවක් සහ තොරතුරුවලට අදාලව Articale එකක් ලිපියක් ලිවීම,
යම් යම් සමාගම්වල විකිනීමට ඇති භාණ්ඩ හෝ වෙනත් දේවල් විකිනීමට සහය දීම(සහය දීම යනු E-Mail
මගින් හෝ දැන්වීම් මගින් විවිද පුද්ගලයින්ට මේ ගැන දැනුවත් කර එය මිලදී ගන්නා තත්වයට පත් කිරීම )
මෙවාද 100% නීත්‍යනුකූල ක්‍රමවේදයන් වේ.

තවද මීට අමතරව අන්තර්ජාලය හරහා Online Games Play කිරීම මගින්ද මුදල් ඉප්යිය හැක.
මෙහිදී  සිදුවන්නේ ඔට්ටු ඇල්ලීමක් වැනි දෙයකි. මෙහිදී ඔබ යම් Games එකක් Play කර  ජයග්‍රහනය
කලහොත් ඉතාමත් ඉක්මණින් ඔබට මුදල් හිමිවනවා මෙන්ම, ඔබ Games එකක් Play කර පරාද
උවහොත් ඔබට ඉක්මනින් මුදල් අහිමි වීම සිදුවේ. එම නිසා මෙය ඕනෑම අයෙකුට කල හැකි කාර්යක් නොවන බව වටහාගත යුතුය.

අන්තර්ජාලය මගින් මුදල් ඉපයීම ඉතාමත් කල්පනාකාරීව කලයුතු කාර්යයකි. මෙය ඉතා අපහසුද නැත,
පහසුද නැත. ඔබට Part Timeලෙස දිනකට පැය 2ක්,3ක් ගතකර මෙන්ම , Full Time  ලෙස දිනකට පැය 4ක්,5ක් වැය කර අන්තර් ජාලය හරහා මුදල් ඉපයිය හැක. කෙසේ වෙතත් අන්තර්ජාලය හරහා මුදල් ඉපයීම ඔබගේ උත්සාහය මත රදා පවතියි.

Comments

Popular Posts