How To Use Pen Drive as RAM Drive in Windows 7,8

 



යාලුවනේ ඉතින් කොහොමද? මුලින්ම සමාවෙන්න ඕන් කාලෙකින් පෝස්ට් එකක් දාන්න බැරි උනට. අපිටත් ඉතින් පොඩි පොඩි ප්‍රශ්න එනවනේ. ඒවයින් වැඩක් නෑ ඔන්න මම ඔයාලට අද කියලා දෙන්න යන්නේ. වින්දොව්ස් 7 වලදී පෙන් එක රැම් ඒකක් විදියට භාවිතා කරලා රැම් එක වැඩි කරගන්න හැටි.මේ ගැන දන්න අයත් බොහෝ ඇති. ඒත් නොදන්න අයටත් දැනගන්නයි මේ පෝස්ට් එක ලියන්නේ.
මේකෙදි අපට පුළුවන් අපේ පෙන් එක 512MB වලට වඩා වැඩි රැම් එකක් විදිය පාවිච්වි කරන්න. හැබැයි අපි පෙන් එකෙන් රැම් එකට ගන්න MB ගාන පෙන් එකේ කැපෑසිටි එකෙන් අඩු වෙනවා. කියන්නෙ අපි රැම් එකක් විදියට පෙන් එකෙන් ගන්න MB ටිකට වෙනත් දත්ත ඇතුල් කරන්න බෑ. වගේම රැම් එකට අරගෙනන ඉතිරි වන MB ගානට ඔයාල කැමති ඕනම දත්ත ටිකක් ඇතුලත් කරන්න පුළුවන්. හරි එහෙනම් අපි දැන් බලමු එක කරන්නේ කොහොමද කියලා.

Read More ->


මුලින්ම පෙන් එක පරිගණකයට සම්බන්ධ කරල පෙන් එකේ Properties වලට යන්න.



 
 
ඉන් පසු පහල පින්තූරෙ තියන විදියෙ වින්ඩෝ එකක් විවෘත වෙයි.
දැන් විවෘත වුන වින්ඩෝ එකේ Ready Boost කියන ටැබ් එකට යන්න.
 
 
ඊලඟට එන වින්ඩෝ එකේ පහල පින්තූරෙ තියන විදියට Use this device කියන එක තෝරල එතන පහලින් තියන සුදු පාට කොටුවෙ තමන්ට කැමති අගයක් දීල (512MB  වැඩි) Apply කරල process උනාට පස්සෙ Ok කරන්න.

 
දැන් ඉතින් වැඩේ සම්පූර්ණයෙන්ම ඉවරයි. එහෙනම් යාලුවනේ මේ පෝස්ට් එකෙන් මෙච්චරයි. මේ ගැන මුකුත් ගැටලුවක් තියෙනවානම් චොම්මෙන්ත් කරන්න. ඊලග පෝස්ට් එකෙන් හමුවෙමු සුභ දවසක්!

Comments

Popular Posts