How to Buy Good Quality Memory Card
වඩාත් කාර්යක්ෂම හා ප්‍රමිතියෙන් යුතු මෙමරි කාඩ් එකක් තෝරා ගන්නේ කෙසේද?
ස්මාර්ට්ෆෝන් එකෙන් පටන් ගත් මේ මෙමරි කාඩ් දැන් Digital Camera, mp3 Player, DVD Player ආදී වූ බොහෝ දේ සදහා අත්‍යාවශ්‍ය දෙයක්.සාමාන්‍යයෙන් බොහෝ දෙනා අලුතෙන් මිලදී ගන්නා මෙමරි කාඩ් කාලයක් ගතවන විට, ඇත්තෙන්ම කිව්වොත් ඉතාමත් සුලු කාලයක් ගතවන විට විවිධ වූ අක්‍රමිකතා වලට ලක් වෙනවා. ෆෝමැට් කිරීමට බැරි වීම, ගබඩා කර ඇති දත්ත වලට පිවිසීමට නොහැකිවීම, දත්තයන් Copy වීම මන්දගාමී වීම, එසේ ඇති වන අක්‍රමිකතා වලින් කිහිපයක්..
මෙසේ ඇතිවන අක්‍රමිකතා වලට බොහෝ විට හේතු වන්නෙ නියමිත ප්‍රමිතියෙන් තොර මෙමරි කාඩ් භාවිතා කිරීමයි..
හොද ප්‍රමිතියෙන් හා කාර්යක්ෂමතාවෙන් යුතු මෙමරි කාඩ් එකක් තෝරා ගැනීමට ඔබ දැන ගත යුතු කරුණු කිහිපයක් පහතින් දැක්වේ...
♦ සමහර ඉතා අඩු මිලට පවතින මෙමරි කාඩ් වල කිසිම ආකාරයේ බ්‍රෑන්ඩ් එකක නමක් හෝ මෙමරි කාඩ් එකෙහි වේගය පෙන්වන සලකුණක් දක්නට නෑ... නමුත් සියලුම ප්‍රමිතියෙන් යුතු මෙමරි කාඩ්වල ෆයිල් කොපි වන, ක්‍රියාත්මක වන වේගය සලකුණු කර තියෙනවා...↓↓↓↓↓↓↓↓↓


♦ සාමන්‍යයෙන් මිලදී ගත හැකි හොද මෙමරි කාඩ් BRAND කිහිපයක් ලෙස මේවා දක්වන්න පුලුවන්...↓↓↓↓↓↓↓↓↓↓↓↓
* Samsung
* Transcend
* SanDisk Ultra / Extream
* Kingston
* Lexar
♦ ලංකාව තුල වැඩියෙන්ම භාවිතාවන මෙමරි කාඩ් Brand එකක් ලෙස SanDisk හදුන්වන්න පුලුවන්.. එම නිසාම මෙම SanDisk මෙමරි කාඩ් වල හොර කොපි බොහොමයක් තියෙනවා.. මෙන්න බලන්න ඔරිජිනල් එකේ හා හොර කොපියෙහි වෙනස..↓↓↓↓

තවත් ලිපියකින් හමුවෙමු...
Comments
Post a Comment