Ockel Mini PC - Ockel Sirius A

Tablet PC, Table PC පරදමින්  Ockel Mini PC |  අතේ ගෙනයාහැකි වින්ඩෝස් 10 සහිත කුඩා පරිගණකයක්.

     Tablet PC, Table PC පරදමින් පරිගණක ලෝකයට ඔන්න තවත් නියම ගැජට් එකක් ඇවිල්ලා, අත්ලේ තබාගත හැකි ප්‍රමාණයේ කුඩා පරිගණකයක්. මෙය ටච් ස්ක්‍රීන් ස්මාර්ට් ෆෝන් එකකට වඩා තරමක් විශාලයි. මමගින් ඩෙස්ක්ටොප් පරිගණකයකින් සිදුකරගත හැකි කාර්යන් බොහෝමයක් කරගන්න පුලුවන්. මයික්‍රොසොෆ්ට් සමාගමේ සහාය පරිගණක නිපදවන ආයතනයක් වන Ockel Computers ආයතනය විසින් මෙය හදුන්වාදී තියෙනවා...


බලන්නකො මෙහි ඇතුලත් ගුණාංග කොහොමද කියලා..

වින්ඩෝස් 10 - 64 බිට් සහිතයි.
Quad Core ප්‍රොසෙසරයකින් සමන්විතයි. ( වේගය1.6GHz සිට 2.56GHz දක්වා )
DDR3 4GB රැම් එකක් සහිතයි.
64 GB දත්ත ගබඩාකල හැක.
4K Video සහාය අගල් 6 ටච් ස්ක්‍රීන් තිරය. ( Intel HD Graphics )
Micro SD Card සම්බන්ධ කල හැක
Wifi සහ Bluetooth සහිතයි.
USB 3.2 පෝර්ට් 2 ක් , USB Type-C , HDMI, Display Port, RJ-45 Internet port, 3.5mm Audio port, power 12v / 3A
සෙන්සර්ස් - Accelerometer, Gyroscope, Magnetometer
3000 mAh බැටරිය.

මෙන්න මෙහි හදුන්වාදීමේ වීඩියෝවක්...







       අන්තර්ජාලයේ සඳහන් වෙන විදිහට නම් මෙය Ockel සමාගම අලුතින්ම නිෂ්පාදන කෙරූ Ockel Sirius A නැමැති Mini Pc එක. ඔවුන් එය US $699ක මුදලකට තමයි අලෙවි කිරීමට අපේක්ෂා කරන්නේ... එය ශ්‍රී ලංකා මුදලින් නම් රු.103046.58 පමණ වෙනවා. ශ්‍රී ලංකා වෙළඳපොළට පැමිණෙන විට නම්, රු.130.000.00 පමණ වෙන්න පුලුවන්...

Comments

Popular Posts