Don't Pee To wall - Wall Pee Back To You.. Be Carefull.....

ආ යාලුවනේ ඔන්න මම අදට ඔයාලට තවත් අලුත් ලිපියක් අරන් ආවා.....ඔයාලා දන්නවනේ සමහර අයට ඒ අය කරන නරක එහෙම නැත්නම් අප්‍රසන්න දෙයක් කරන්න එපා කියල කොච්චර කිව්වත් ඒක නවත්වන්නෙ නෑනේ... ප්‍රසිද්ධ ස්ථානවල වගේම අපේ නිවාස තාප්ප මත මිනිසුන් මුත්‍රා කිරීමත් අන්න ඒ වගේ කොච්චර කිව්වත් නවතින්නෙ නැති අප්‍රසන්න දෙයක්.
කොතෙකුත් බෝඩ් ගැහුව්වත් ඒවගේ වැඩ නොනවතින පාටක් නම් නෑ. එසේම අධික දුර්ගන්ධය නිසා සිදුවන අපහසුතාවය බොහොම වැඩියිනේ... :D
" පිරිස් පාරේ යන එන ගමන් පෝලි වැසියන්ගේ තාප්ප බිත්තිවලට මුත්‍රා කිරීම නිසා ජර්මනියේ හැම්බර්ග් හි පෝලි නගර වැසියන්ට සිදු වී ඇත්තේ අතිමහත් පීඩාකාරී බවකි. මේ උවදුරෙන් බේරෙන්නට නිවැසියන් අලුත් තාක්ෂණ ක්‍රමවේදයක් සොයාගෙන තිබෙනවා. ඒ ජලභිතක තාප්ප තැනීමයි. එනම් තාප්ප මතට ජලය නොරඳන ආලේපනයක් දැමීමය."
එහි විශේෂත්වය නම් එම තාප්ප බිත්තිවලට මුත්‍රා කළ හොත් එය නැවත තමා දෙසටම ඇදී ඒමයි. එසේම මුත්‍රා නැවත තමා කරා එන බව හඟවා අනතුරු බෝඩ් එකක්ද තාප්ප වල දමා ඇති අතර එසේ අනතුරු අඟවා බෝඩ් නැති තාප්පද ඇත. අනතුරු අඟවා බෝඩ් නැති තාප්පයේ මුත්‍රා කලේ නම් මුත්‍රා වලින් නා ගෙනම ගෙදර යාමට මුත්‍රා කරන්නන්ට සිදුවනු ඇත.
යාලුවන්ටත් දැනගන්න Share පාරක් දාන්න අමතක කරන්න එපා....
Comments
Post a Comment