Future data stored in DNA molecules - Amazing discovery
ඔන්න යාලුවනේ මම අදත් ඔයාලට අලුත් තොරතුරක් අරන් ආවා.. මේක අහපු ගමන් ඔයාලා ගොඩක් දෙනෙක් පුදුම වෙනවා අනිවාරෙන්ම... සාමාන්‍යයෙන් ඔයාල හිතන්නේ Computer Hard Disk එකක හෝ Pen Drive එකක කොච්චර කාලයක් දත්ත ගබඩා කරල තියන්න පුලුවන් කියලද? අවුරුදු 5ක්? අවුරුදු 10ක්? අවුරුදු 15ක්?
backblaze storage නම් ආයතනය මෙම ගැටලුවට විසඳුම් සෙවීමට Hard Drives 25,000 ක් එකවර ධාවනය වීමට සලස්වලා පරීක්ෂණ පවත්වලා තියෙනවා. දෘඩ තැටියේ අවසානය ලං වත්ම කහින ආකාරයේ ශබ්ධයක් ඉන් පිටවන බව ඔහුන් පවසනවා. අවුරුදු 5 ක් පුරාවට නොකඩවා ධාවනය වෙද්දී Hard Drives එක 22% ක් ගෙවී ගොස් ඇති බවට පර්යේෂණ මගින් සනාථ වී තිබෙනවා. මේ අතරින් සමහර Hard Disk අවුරුදු 10 ක් පුරාවටම නොනැසී පැවතීමට පුළුවන් බවත්, සමහරක් අවුරුදු 10 ක් ලැබීමට පෙර තම ආයු කාලය නිම කල බවත්, ඉන් තවත් සමහරක් අවුරුද්දක්වත් ක්‍රියාකාරී ලෙස තබා ගැනිටවත් නොහැකි වූ බව පර්යේෂකයෝ පවසති.
මේ ගැටළුවට විසඳුමක් ලෙස ස්විට්සර්ලන්ත පර්යේෂකයන් ගෙන ඇත්තේ සජීවී DNA අණුය. පුදුමසහගත දෙයනම් එමගින් අවුරුදු මිලියන ගණනක් වුවත් දත්තයන් සුරක්ෂිතව ගබඩා කල හැකි වීමයි. DNA ග්‍රෑම් එකක් තුල අන්තර්ජාලයේ සියලුම දත්ත ගබඩා කල හැකිබව මින් පෙන්වා දෙන ලදී.
මෙතෙක් කල පර්යේෂණ වලට අනුව DNA ග්‍රෑම් එකක් තුල එක්සාබයිට් 455 ක් පමණ ගබඩා කිරීමට හැකි බව සොයාගෙන ඇත.. (එක්සාබයිට් එකක් යනු ගිගාබයිට් බිලියනයකි.)
DNA තාක්ෂණික වශයෙන් පහත වැටීම ඔහුන් මුහුණ දෙන ප්‍රධානතම ගැටළුව බව Chemical Department සහ Applied Biology අංශයේ කථිකාචාර්යවරයෙකු වන Robert Crews මහතා පැවසීය. එසේම DNA අණු ස්ථායිව තබා ගැනීමට ක්‍රමවත් ක්‍රමවේදයක් සොයාගැනීමට සහ DNA ස්ථායිව තබාගෙන ඒ මත දත්ත ගබඩා කරගැනීමේ කාර්යන් දෙකම එකිනෙකට සම්බන්ධ කරගැනීමට බලාපොරොත්තු වන බවද Robert Crews මහතා CNN ප්‍රවෘති සේවයට පවසා තිබේ.
මෙය සාර්ථක වුවහොත් අනාගතයේදී පරිඝනක ක්ෂේත්‍රය තුල ඇති විශාල විප්ලවයක් කරනු නොඅනුමානය.
යාලුවන්ටත් දැනගන්න Share පාරක් දාන්න අමතක කරන්න එපා....
technews.lk වෙතින් හා wikipedia ඇසුරින් උපුටා ගන්න ලදී...
Comments
Post a Comment