Microsoft Holographic - පරිසරයේ 3D රූප මවන පෙරැළිකාර නිර්මාණය


                              ආ යාලුවනේ ඔන්න මම අදට ඔයාලට තවත් අලුත් News එකක් අරන් ආවා..... ඔයාල අපි හැමෝම වැඩියෙන්ම භාවිතා වන Operating System එකක් නෙ Windows  කියන්නෙ.... ඒ වගේම මෑත කාලෙදි වැඩියෙන්ම කතා බහට ලක් වෙන්නෙත් Windows 10 ගැනනේ.... වින්ඩෝස් 10 නව මෙහෙයුම් පද්ධතිය සමග පෙරළිකාර නිෂ්පාදන සහ සේවාවන් කිහිපයක්  හඳුන්වා දීමත් සමග එම කතා බහ තවදුරටත් වැඩි උනා. ඒ අතුරින් විශේෂයෙන්ම අවධානය යොමු වුයේ Holographic කියන නිර්මාණයයි.



       

           Holographic කියන්නේ තාත්වික ආලෝකය මතට අතාත්වික (Virtual) වස්තුන් ප්‍රක්ෂේපණය කරන්න පුළුවන් ආකාරයේ උපාංගයකි . මෙමගින් අතාත්වික රූප සැබෑ පරිසරයේ මවන්නටත්, ඒවා ඔබගේ අංග හරහා ක්‍රියාත්මක කිරීමටත් මේ අපුරු උපැස් යුවලට හැකියාව තිබෙනවා.  Google Glass වලට වඩා ඉහල තාක්ෂණ ක්‍රමවේදයකින් යුක්ත  වන මෙය අවට පරිසරයේ ඇති දේවල් පිලිබඳ  Sensors හරහා ඉතා දියුණු ආකාරයකට ප්‍රතිග්‍රහණය කර ලබා ගැනීමටත් ඒවා මතට හෝ ඒවා සමග අන්තර්ක්‍රියා කල හැකි පරිදි අතාත්වික වස්තුන් මවා පෙන්වීමටත් මේ  HoloLens උපැස් යුවල සමත් වී තිබෙනවා.

                                මෙම උපැස් යුවල සමග හඳුන්වා දෙන HoloStudio නම් මෘදුකාංගය මගින් සරලව පහසුවෙන් ත්‍රිමාන අතාත්වික රුප තැනීමටත් (3D Virtuval Object) ඒවා විවිධ අයුරින් වෙනස්කම් වලට භාජනය කිරීමේ හැකියාව ඔබට ලබා දී තිබේ. එහි අදහසනම් 3D වීඩියෝ සැකසීමට දැන් පෙර පරිදි විවිධ මෘදුකාංගද භාවිතා කිරීමට අතවශ්‍ය නොවෙති යන්නය.   දැනට HoloLens හි මිල ගණන් පිළිබඳව නිච්චිත මිලක් හෝ වෙළඳ පොලට නිකුත් කරන දිනයක් සඳහන් කර නැතත්, මේ HoloLens උපාංගය නම් පරිශීලකයන් අතර ජනප්‍රියතාවක් ඇතිකරනු ඇතැයි විද්වතුන්ගේ අදහසයි.


මයික්‍රොසොෆ්ට්  සමාගමේ නියෝජිතවරියක්  HoloLens හා HoloStudio භාවිතා කරමින් සිදු කල අපුරු නිර්මාණය සහ නිරුපනය HoloLens හඳුන්වා දීමේ උළෙලේදී කාගේත් සිත්ගත් අංගයක් වුණි. මේ එහි Videoවයි....

යාලුවන්ටත් දැනගන්න Share පාරක් දාන්න අමතක කරන්න එපා....

Comments

Popular Posts