Make Your Computer Motion Sensitive

ඔබේ පරිගණකයත් Motion Sensitive කරගන්න


                  ඔන්න යාලුවනේ මම පොඩි Software එකක් අරන් ආවා. ඔයාලගෙ Webcam එක හරහා අංග චලනයන් හඳුනා ගනිමින් ඊට ප්‍රතිචාර දැක්විය හැකි අපූරු කුඩා මෘදුකාංගයක් තමයි Flutter කියන්නෙ. මූලිකවම Media Player වැනි ක්‍රියාකාරීත්වයෙන් යුතු මෘදුකාංග සමඟ ක්‍රියා කරන්න තමයි මේක සකස් කරල තියෙන්නෙ. ඒවුනාට ඔබට Google Chrome මඟින් අන්තර්ජාලයේ ඇති Video එකක්  නරඹන අවස්ථාවකදි උනත් මේක ප්‍රයෝනවත් කරගන්න පුළුවන්.

               මේක ප්‍රධාන අංග චලන 3 ක් සඳහා ප්‍රථිචාර දක්වනවා. ඔයාල යම් Video එකක් නරඹනවිට වෙබ් කැමරාව ඔබ ඉදිරියෙන් නම්, පහත හස්ත චලනයන් මඟින් Player එක ක්‍රියාකරවන්න පුළුවන්.
 
  ඔබ අත චලනය කරන්න අවශ්‍ය නැ.
 කැමරාවට හොඳින් පෙනෙන්න රූපයේ හැඩයට තබාගෙන සිටීම පමණක් ප්‍රමාණවත්.
 එවිට webcam එක මඟින් අදාල චලනය හඳුනා ගෙන ඒ අනුව ක්‍රියා කරනවා.
  

       මෘදුකාංගය සාමාන්‍ය විදියට Install කරගන්න පුළුවන්  . ඒක run වෙන්නෙ Task bar එකෙහි System Tray කොටසේ.මෘදුකාංගය  Run වෙන අවස්ථාවේදි Icon එකෙහි වර්ණය පහත පරිදි වෙනස් වෙනස් වෙනවා...

ඒ මත right click කිරීමෙන් අපිට අවශ්‍ය පරිදි settings වෙනස් කර ගන්න පුළුවන්.Auto Select කියන එක select කරාම ඉහත application list එකෙන් ඕනම එකක් ඔබ භාවිතා කරන අවස්ථාවේදී ස්වයංක්‍රීයවම Flutter මෘදුකාංගයත් ක්‍රියාත්මක වෙනවා. එසේ අවශ්‍ය නැත්නම් ඔබ කැමති මෘදුකාංග පමණක් තෝරා දෙන්න පුළුවන්.You Tube වැනි Video වෙබ් අඩවි සමඟත් මේක ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් Google Chrome extension එක install කරගත යුතුයි.


ඔන්න එහෙනම් බාගන්න...          Flutter free download
Size: 3.4 MB


 ඔයාලට මෙ ලිපිය ප්‍රයෝජනවත් උනානම් Share පාරක් දාන්න අමතක කරන්න එපා.......

Comments

Popular Posts