How to Increase Typing Speed
පරිගණකයක් භාවිතා කරන ඕනම කෙනෙකුට වැදගත් වෙන් දෙයක් තමයි තමන්ගේ Typing Speed එක. Typing Speed එක වැඩි කරගන්න අපි හැමෝම උනන්දුවක් දක්වනවනේ .කුමන ආකාරයකින් හරි Typing Speed එක වැඩි වෙන එක අපේ පරිගණැකයේ වැඩකටයුතු ඉක්මනට කරගන්න උදව්වක් වෙනවා. සමහර අය මිනිත්තුවකට වචන 10 ක් 15 ක් Type කරන කොට තවත් සමහර අය මිනිත්තුවකට වචන50ක් 60ක් විතර Type කරනවා. මනා පුහුනුවීමකින් අනතුරුව මිනිත්තුවකට වචන 60ක් පමණ Type කරන එක එතරම් අපහසු දෙයක් නෙවෙයි..
Typing කරනහැටි වගේම Typing Speed එක වැඩි කරගන්න පුරුදු කරන Software නම් ඕන තරම් තියෙනවා. අන්න ඒ වගේ Softwares වලින් වැඩිම දෙනෙක් භාවිතා කරන ප්‍රකට Software එකක් තමයි Typing Master කියන්නේ. මේ Software එක මගින් පියවර වශයෙන් ඉතාමත් පැහැදිලිව නිවැරදි ආකාරයෙන් Key Board එක හසුරුවමින් Type කරන්න පුරුදු කරනවා... ඒ වගේ ම එක පියවරක් සම්පූර්ණ කරහම ඒ පියවරේදි ඔයාගේ හැකියා මට්ටම කොයි ආකාරයෙන්ද කියලත් පෙන්වනවා..
ඔන්න එහෙනම් මෙතනින් බාගන්න.
↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓
මේ වගේ Software භාවිතා කරල Type කරන්න පුරුදු උනාම ඔයාලගේ Typing Speed එක කොච්චරද කියල බලාගන්න වගේම Typing Speed එක වැඩිකරගන්නත් මේ පහල තියෙන වෙබ් අඩවි උදව් කරගන්න පුලුවන්.....
1. Typingtest.com
මෙම වෙබ් අඩවිය මගින් ඔබට පුළුවන් ඔබට මිනිත්තුවකට වචන කියක් පමණ Type කරන්න පුලුවන්ද කියලා දැනගන්න.
2. 10fastfingers.com
මෙම වෙබ් අඩවියත් ඉහත සදහන් කළ Typingtest.com වලට සමාන අතර ඔබ කැමති නම් මෙහි Register වී අනිත් අයත් සමග තරග කරන්නත් පුළුවන්.
3. Freetypinggame.net
මෙම වෙබ් අඩවිය මගින් ඔබට පුළුවන් Online Games ගහන ගමන් ඔබගේ Typing speed එක වැඩි කරගන්න.
මම හිතනව මේ ලිපිය ඔයාලට වැදගත් වෙන්න ඇති කියල එහෙනම් ඊළග ලිපියෙන් හමුවෙමු..... සුභ දවසක්..!!!
Comments
Post a Comment